පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව (බස්නාහිර පළාත)


  • පරිවාස භාරයේ තබා ඇති වරදකරුවන් පිළිබඳව ස්වභාවය තේරුම් ගෙන ඒ සඳහා සුදුසු ප්‍රතිකර්ම යෙදීම, ඔවුන් යහපත් මාර්ගයේ යැවීම සහ පුනරුත්ථාපන කටයුතු සිදු කර සමාජගත කිරීම, අනාථ අසරණ, අත්හල සහ අපයෝජනයන්ට ලක් වූ ළමුන් සඳහා රැකවරණය, ආරක්ෂාව සහ අධ්‍යාපනය ලබා දීම තුළින් ළමා සුභසාධනය සැලසීම පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබයි.
  • එමෙන්ම බස්නාහිර පළාත් පරිවාස දෙපාර්තමේන්තුව වෙතින් ක්‍රියාත්මක වන පහත ආයතන මගින් සේවාවන් සපයනු ලැබේ.
ආයතන කොළඹ ගම්පහ කළුතර එකතුව
පරිවාස කාර්යාල 5 4 4 13
සහතික කළ පාසල 0 2 0 2
රැදවුම් නිවාස 0 2 0 2
ප්‍රජාපතී රජයේ භාර ගැනීමේ මධ්‍යස්ථාන 0 0 1 1
ලියාපදිංචි ළමා සංවර්ධන මධ්‍යස්ථාන 38 47 21 106
ආයතන වල එකතුව 124
තොරතුරු ලබා ගැනීම සඳහා විමසන්න

පරිපාලන නිලධාරී
දුරකථන අංක‍ය: 011 209 2700

  • පොදු දුරකථන අංක‍ය: 011 209 2713
  • ෆැක්ස්: 011 209 2709
  • ඊ-මේල්: probationdepartmentwp@yahoo.com
  • ලිපිනය: පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව (බ.ප.), 8 වන මහළ, ප්‍රධාන ලේකම් කාර්යාල සංකීර්ණය, අංක. 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල.