හැඳින්වීම

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව බස්නාහිර පළාත් සභාවට පැවරී ඇති හා අනතුරුව 2014 වසරේ පිහිටුවන ලද බස්නාහිර පළාතේ හයවන පළාත් සභාව යටතේ වන කාර්යයන් ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව ක්‍රියාත්මක කිරීම සඳහා මෙම අමාත්‍යාංශයේ විෂයභාර අමාත්‍යතුමා හට පැවරී ඇති සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, කාන්තා කටයුතු සහ පරිවාස හා ළමාරක්ෂක සේවා යන විෂයයන්හි අපේක්ෂිත කාර්යසාධන ප්‍රතිඵල අත්පත්කර ගනු පිණිස කාර්යක්ෂම හා ඵලදායිතාවයෙන් යුක්ත පරිපාලන ව්‍යුහයක් පවත්වාගෙන යාමට අප අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය දායකත්වය සපයනු ඇත.

දැක්ම

සැමට සුවය හා රැකවරණය

 

මෙහෙවර

මහජනතාව කේන්ද්‍ර කර ගත් සමීප, ගුණාත්මක, ඵලදායී හා පුළුල් මහජන ප්‍රවේශයක් සහිතව සැමට සුවය හා රැකවරණය ලබා දීම සඳහා බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබ සාධන හා කාන්තා කටයුතු දෙපාර්තමේන්තුවල ප්‍රතිපත්තිමය හා නෛතික පදනම ශක්තිමත් කරමින් නවීන තාක්ෂණය මුසු කර ගත් මහජන අපේක්ෂා ඉටු කරන සේවා සම්පාදනයක් සහතික කිරීම.

 

 

ප්‍රධාන කාර්යයන්

  • රෝග ප්‍රතිකාර හා රෝග නිවාරණ අංශයන් කාර්යක්ෂමව පවත්වාගෙන යාම තුලින් ප්‍රමාණාත්මක හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ව්‍යාප්ත කිරීම.
  • දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ප්‍රචලිත කිරීම හා ආයතනික සේවා පුළුල් කිරීමෙන් ඖෂධ නිෂ්පාදනය හා ඔසු වගාව වැඩි දියුණු කිරීම, දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයට දේශීය හා විදේශීය ජනතාව නැඹුරු කිරීම.
  • ජ්‍යෙෂ්ඨ පුරවැසින්ගේ රැකවරණය හා සුරක්ෂිතභාවය සහතික කිරීම, අයාලේ ගිය කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම හා ඔවූන් යහපත් කාන්තාවන් ලෙස සමාජගත කිරීම හා විවිධ හේතූන් මත අසරණභාවයට පත් වූවන්ට මූල්‍යමය හා ද්‍රව්‍ය ආධාර වලින් සහන සැලසීමෙන් සමාජ සුබසාධන සේවාවන් ව්‍යාප්ත කිරීම.
  • අනාතභාවයන්ට හා විවිධ අපයෝජනයන්ට ලක් වූ දරුවන් යහමගට යොමු කර ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා ළමාරක්ෂක සේවාවන් ව්‍යාප්ත කිරීම.
  • කාන්තාවන්ගේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීම, උපදේශනය සහිත තාක්ෂණය හඳුන්වා දීම හා සවිබල ගැන්වීමට අදාල කාර්ය ක්‍රියාත්මක කිරීම.