මුල්‍ය කළමනාකරණය

වාර්ෂික මුදල් ප්‍රකාශයේ අමාත්‍යාංශ ශීර්ෂය යටතේ අමාත්‍ය කාර්යාලය හා අමාත්‍යාංශ කාර්යාලය සඳහා ව්‍යාපෘති දෙකක් යටතේ සාමාන්‍ය පරිපාලනය හා ආයතනික සේවා පවත්වාගෙන යාම සඳහා වෙන් වූ මුදල් ප්‍රතිපාදනයන් මුදල් රෙගුලාසි ප්‍රකාරව වියදම් දරා එහි මෙහෙයුම් ප්‍රතිඵලයන් වර්ෂාවසාන ගිණුම් තුළින් විගණකාධිපති වෙත වාර්තා කිරීමේ වගකීම අමාත්‍යාංශයීය ගිණුම් අංශයට පැවරී ඇත. ඒ අනුව වාර්ෂික ඇස්තමේන්තු පිළියෙල කිරීම, වැටුප් ගෙවීම හා අනිකුත් ගෙවීම් කටයුතු, ගිණුම් ලේඛන පවත්වාගෙන යාම, මාසික ගිණුම් හා වාර්ෂික ගිණුම් ඉදිරිපත් කිරීම, විගණන විමසුම් පිළිබඳ කටයුතු, විගණකාධිපති වාර්තා හා ගිණුම්කාරක සභා කටයුතු මුල්‍ය අංශයේ වැදගත් කාර්යභාරයන් වේ.

අංශ ප්‍රධානීන්

  • ප්‍රධාන ගණකාධිකාරී
  • ගණකාධිකාරී

ගි 01

  1. අමාත්‍යාංශයට අදාලව ලැබෙන චෙක්පත් හා මුදල් සඳහා ලදුපත් නිකුත් කිරීම, බැංකු ගත කිරීම.
  2. මුදල් බැංකුවෙන් ලබා ගෙන ගෙවීම් කටයුතු කිරීම හා ලේඛන පවත්වා ගෙන යාම.
  3. වාර්ෂික සුළු මුදල් අග්‍රිම ලබා ගෙන පවත්වා ගෙන යාම.
  4. පළාත් මූල්‍ය රීති 83 යටතේ බලතල පැවරීම් සකස් කිරීම.
  5. අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු වලට අදාල නිල බැංකු ගිණුම් විවෘත කිරීම හා ඊට ප්‍රධාන ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීම.

ගි 02

  1. අමාත්‍යාංශයේ පාරිභෝජ්‍ය හා ඉන්වෙන්ට්‍රි දුව්‍ය ගබඩාව භාරව කටයුතු කිරීම.
  2. අමාත්‍යාංශයේ පාරිභෝජ්‍ය හා ඉන්වෙන්ට්‍රි දුව්‍ය ලේඛණය පවත්වාගෙන යාම.
  3. අමාත්‍යාංශය සඳහා අවශ්‍ය වන සාමාන්‍ය ඉන්වෙන්ට්‍රි භාණ්ඩ හා පාරිභෝජ්‍ය ද්‍රව්‍ය ඉල්ලුම් කිරීම, ලබා ගැනීම හා නිකුත් කිරීම.
  4. මූද්‍රිත ආකෘති පත්‍ර සපයා ගැනීම හා නිකුත් කිරීම.
  5. අමාත්‍යාංශයේ පළාත් නිශ්චිත කාර්ය සංවර්ධන ප්‍රදාන සැලැස්මට, පළාත් සංවර්ධන, උපමාන පාදක සැලැස්මට, ලෝක බැංකු ආධාර, දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මට (මන්ත්‍රී යෝජනා) අදාල ප්‍රතිපාදන නිදහස් කිරීම.
  6. වාහන මිලදී ගැනීම සඳහා රාජ්‍ය වියදම් පාලන කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කිරීම.
  7. ගි04 විෂයෙන් ලබා ගන්නා ගෙවීම් වවුචර් අංග සම්පූර්ණ කර ක්‍රමානුකූලව තබා විගණනයට ඉදිරිපත් කිරීම,ඒවායේ භාරකාකිරීත්වය දැරීම හා ආරක්ෂිතව තැබීම.
  8. බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව හා ආයුර්වේද දෙපාර්තමේන්තුවට අදාල පොදු කටයුතු.
  9. දෙපාර්තමේන්තුවල මාසික ගිණුම් සාරාංශ ලබා ගැනීම.

ගි 03

  1. ගිණුම් සාරාංශය සැකසීම.
  2. බැංකු සැසඳුම් ප්‍රකාශය පිළියෙල කිරීම.
  3. ර.නි. අත්තිකාරම් ගිණුම සම්බන්ධ කටයුතු.
  4. අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු වල හා රෝහල් වල බැංකු සැසඳුම් ප්‍රකාශ ගෙන්වා ගැනීම හා පරීක්ෂා කිරීම.
  5. නිදහස් තැපෑල පිළිබඳ කටයුතු.
  6. දෙපාර්තමේන්තු වල විගණන විමසුම් සම්බන්ධ කටයුතු.

ගි 04

  1. මුදල් පොත් පවත්වා ගෙන යාම, චෙක්පත් ලිවීම.
  2. වැටුප් ලේඛන, වැටුප් සැකසීම – අමාත්‍ය කාර්යාලය හා අමාත්‍යාංශ කාර්යාලය.
  3. විගණන විමසුම් (අභ්‍යන්තර/ විගණකාධිපති) පිළිතුරු සකස් කිරීම.
  4. පළාත් රාජ්‍ය ගිණුම් කාරක සභා – අමාත්‍යාංශ/ දෙපාර්තමේන්තු
  5. ප්‍රේෂණ ගිණුම, අග්‍රිම ගිණුම හා පුරෝකථන වාර්තා සැකසීම.
  6. චක්‍රලේඛ ගොනු පවත්වාගෙන යාම.

ගි 05

  1. වැය ලෙජර් පවත්වාගෙන යාම.
  2. ආදායම් හා වියදම් ඇස්තමේන්තු සැකසීම.
  3. භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල පත් කිරීම හා අපහරණයට අදාල කටයුතු.
  4. අත්තිකාරම් ලබා දීමට අදාල කටයුතු.
  5. විසර්ජන ගිණුම සැකසීම.
  6. ප්‍රතිපාදන මාරු කිරීමට අදාල කටයුතු.
  7. ප්‍රධාන ලේකම්ගේ සැසඳුම් ප්‍රකාශ අනුව වැය ලෙජර සැකසීම.

ගි 06

  1. වවුචර් පත් පරීක්ෂා කිරීම හා පොත් වල සටහන් කිරීම.
  2. අබලි වාහන අපහරණය කිරීම සඳහා කමිටු පත් කිරීම හා අපහරණය සඳහා කටයුතු කිරීම.
  3. පසුගිය වර්ෂ වලදී ගෙවීම් සඳහා ඉදිරිපත් නොවූ වවුචර් පත්‍ර සඳහා ගෙවීම් කිරීමට මූ.රී.64 යටතේ අනුමැතිය ලබා ගැනිම.
  4. ප්‍රධාන ලේකම් ගිණුම් සාරාංශ සමඟ අමාත්‍යාංශයේ මාසික ගිණුම් සාරාංශ සැසඳීම.
  5. අමාත්‍යාංශයේ හානි හා පාඩු ලේඛනය පවත්වාගෙන යාම.

MPU

  1. ප්‍රසම්පාදන කටයුතු හා ඊට අදාල ලිපි ගොනු පවත්වාගෙන යාම.